ජපන් ජාතිකයන් ක්‍රීඩාවලට ප්‍රිය කරයි. ඔවුන් වසන්ත කාලය මෙන්ම ශීත කාලයේදී විවිධ ක්‍රීඩා කරමින් විනෝද වෙයි. ඊට අමතරව ඔවුන් ක්‍රීඩා බොහෝමයක් ඇතුළත් ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සඳහා දායකත්වයදක්වති. ජපානය තුල මේ දක්වා 4 වරක් ඔලිම්පික් ක්‍රීඩා උත්සව පවත්වා ඇත. එනම්, 1964 දී තෝකියෝ වෙදී පැවැත්වූ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල, 1972දී සප්පොරෝහි, 1998දී නගනෝ වල පැවැත්වූ සිසිර ඔලිම්පික් උළෙල, 2021 දී තොකියෝවේදී පැවැත්වූ ඔලිම්පික් උළෙල දැක්විය හැක. ජපන් ජාතිකයන් සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙති. වර්තමාන ජපානයේ මුළු ජනගහනයෙන් 30%ක පිරිසක් සෞඛ්‍ය සම්පන්න දිවියක් පවත්වා ගැනීම සඳහා දිනපතා ක්‍රීඩාවල යෙදේ. වයස අවුරුදු 60 ඉක්මවූ වයස්ගත ජනගහනය අතර මෙම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යන අතර එය 40%ටත් වඩා වැඩිය. ජපානයේ ක්‍රීඩා තරඟ නරඹා සතුටුවන පිරිස් ද බොහෝ වෙති. නරබා රස විදිය හැකි ක්‍රීඩා අතර ජපානයේ ජනප්‍රිය ක්‍රීඩා වන්නේ පාපන්දු, බේස් බෝල්, මැරතන් හා සූමෝ වැනි ක්‍රීඩාය. ජපානයේ පාසල් ළමුන් පාසලෙහි ක්‍රීඩා සංගම්වලට සහ ඔවුන් ජීවත්වන ප්‍රදේශයේ ක්‍රීඩා සංගම්වලට බැඳී ක්‍රීඩාවන...