අන්‍යයන් හට ගරු කිරීම හා සත්කාරය අතින ් ලෝකයේ ප්‍රකට රටක් ලෙස ජපානය හැඳින්විය හැක. ජපන් බසින් ආචාර කිරීම් ‘Aisatsu‘ (あいさつ ) නමින් හැදින් වේ. සියලු ආචාර කිරීම් ප්‍රකාශනයේදී අවසන තුනටිය නවා සවන්දෙන්නා හට ඇති ගෞරවය හා පිලිගැනීම නිරූපනය කිරීම මෙහි ඇති සුවිශේෂී ලක ්ෂණයකි. මෙසේ තුනටිය නවා කරන්නා වු ආචාරයද කලාවක් තරම් මෙන් පුලුල් පරාසයක විහිදී පවතී. එය නමින් 'Ojigi' おじぎ නම් වන අතර නැවෙනා විට සිරස් තලය සමග පිටකොන්ද, ආසන්නව සාදනු ලබන කෝණය හේතුකොට එහි ආකාර තුනකි. Eshaku - えしゃく Eshaku යනු එදිනෙදා ජීවිතයේදී බොහෝ විට භාවිතා කරන පහසුම ක්‍රමයයි. මෙම ක්‍රමය භාවිතා වන්නෙ දෙදෙනෙකු පාරක හෝ වෙනත් ස්ථානයක මුණ ගැසුණු විටය. එවිට අංශක 15 කට තම කොන්ද නමා ආචාර කරය. එකට රාජකරී කරන අය හෝ හඳුනන අය අතර හෝ සමාජයේ එකම තත්වයේ ඉන්නා අය අතර මෙම ආචාර කිරීම වැඩියෙන ් දැක ගත හැක. ' “Eshaku” is not something you’d do to your close friend but to someone you know but not quite familiar and you want to go polite with them. Keirei - けいれい මෙම ක්‍රමයේදී කොන්ද අංශක 30ක් දක්වා නවයි. මෙම ක්‍රමය යමෙ...