Skip to main content

Posts

Showing posts from November, 2022

ජපානයේ උත්සව - Cultural Events in Japan

ජපානයේ උත්සව  ජපානය වසර පුරා දේශීය උත්සව 200,000 කට වඩා පවත්වයි. අලූත් අවුරුද්ද  වසරක ආරම්භය සනිටුහන් කරනු ලබන විටදී අලූත් අවුරුදු උත්සවය පවත්වනු ල‌බයි . ජපානයේ  අලූත් අවුරුද්ද වසර මුලදී දෙවියන් හමුවීම සංකේතවත් කරනු ලබන අතර නිශ්චිතව ම දෙවියන්  වසර මුලදී හමුවීමට නොහැකි වුවහොත් වසර අවාසනාවන්තවනවා යන්න ජපන් ජාතිකයින්ගේ  විශ්වාසය විය . නිවසෙහි ගේට්ටුව ඉදිරිපිට "කදොමත්සු"නම්වූ සැරසිලි වලින් සැරසීමත්, නිවසට ඇතුළුවන තැන ඉදිරිපිට "කගමිමොචි" නම් වූ ආහාරය තැබීමත් සිදු කරයී. මේ සියල්ල සිදු කරනු ලබන්නේ මුළු වසරම දෙවියන් හමුවීම සංකේතවත් කිරීම සඳහාය . "ඔසේචි"නම්වූ ආහාරයද සාදනු ලබය‌ි. සෙත්සුබුන්   මෙම උත්සවය පෙබරවාරි මාසයේ 3 වෙනි දින පවත්වනු ලබයි. එනම් වසරේ පලවන වසන්ත ඍතුවට පෙර පෙර දින රාත්‍රිය සෙත්සුබුන් යැයි පවසනු ලබයි. එසේම යකුන් පලවා හැර වාසනාව නිවසට උදා කරගන්නවා යන විශ්වාසය ඇතුව වේලු සෝයා බෝංචි ඇට නිවස වටේ ඉසීම කරන ු ලබයි .  මෙසේ සිදු කරනු ලබන ්නේ වසන්තය පිළිගැනීමට පෙර නරක දේවල් පලවා හැර වාසනාව නිවසට ලග කරගන්නවා යන අර්ථය ඇතුවය . තවද , ජපානයේ උත්සව අතුරින් වසන්තය...