Skip to main content

ජපානයේ උත්සව - Cultural Events in Japan

ජපානයේ උත්සව

 ජපානය වසර පුරා දේශීය උත්සව 200,000 කට වඩා පවත්වයි.

අලූත් අවුරුද්ද 

වසරක ආරම්භය සනිටුහන් කරනු ලබන විටදී අලූත් අවුරුදු උත්සවය පවත්වනු ල‌බයි . ජපානයේ අලූත් අවුරුද්ද වසර මුලදී දෙවියන් හමුවීම සංකේතවත් කරනු ලබන අතර නිශ්චිතව ම දෙවියන් වසර මුලදී හමුවීමට නොහැකි වුවහොත් වසර අවාසනාවන්තවනවා යන්න ජපන් ජාතිකයින්ගේ විශ්වාසය විය .


නිවසෙහි ගේට්ටුව ඉදිරිපිට "කදොමත්සු"නම්වූ සැරසිලි වලින් සැරසීමත්, නිවසට ඇතුළුවන තැන ඉදිරිපිට "කගමිමොචි" නම් වූ ආහාරය තැබීමත් සිදු කරයී. මේ සියල්ල සිදු කරනු ලබන්නේ මුළු වසරම දෙවියන් හමුවීම සංකේතවත් කිරීම සඳහාය . "ඔසේචි"නම්වූ ආහාරයද සාදනු ලබය‌ි.







සෙත්සුබුන්
 
මෙම උත්සවය පෙබරවාරි මාසයේ 3 වෙනි දින පවත්වනු ලබයි. එනම් වසරේ පලවන වසන්ත ඍතුවට පෙර පෙර දින රාත්‍රිය සෙත්සුබුන් යැයි පවසනු ලබයි. එසේම යකුන් පලවා හැර වාසනාව නිවසට උදා කරගන්නවා යන විශ්වාසය ඇතුව වේලු සෝයා බෝංචි ඇට නිවස වටේ ඉසීම කරන ු ලබයි . 
මෙසේ සිදු කරනු ලබන ්නේ වසන්තය පිළිගැනීමට පෙර නරක දේවල් පලවා හැර වාසනාව නිවසට ලග කරගන්නවා යන අර්ථය ඇතුවය . තවද , ජපානයේ උත්සව අතුරින් වසන්තයේ සෙත්සුබුන් උත්සවය පමණක් වසර පුරාවටම ඉතිරි වී ඇති උත්සවයක් වශයෙන් සලකනු ලබයි. 


හින උත්සවය (හිනමත්සුරි ) 

මෙම උත්සවය මාර්තු මාසයේ 3 වන දින පවත්වනු ලබයි . මෙය පවත්වනු ලබන ්නේ නිවසේ සිටින ගැහැණු ළමුන්ගේ සෞක්‍යතත්වය හොඳින් පවත්වාගැනීම සඳහාය . එසේම මේ තුලින් ගැහැණු ළමුන්ගේ නිරෝගීබව අපේක්ෂා කරනු ලබයි . නිවස තුල රතු පැහැති පඩිපෙලක් සාදා , එම පඩිපෙළ අලංකාර බෝනික ්කන්ගෙන් සරසනු ලබයී.

මෙය මුලදී චීනයෙන් හඳුන ්වාදෙනු ලැබු උත්සවයක් ලෙස පිලිගනු ලබුවත්, හින බෝනික ්කන් සරසනුලැබීම සිදුවූයේ ජපන් එදො යුගයේ බව පවසෙයි . තවද , අලංකාර බෝනික ්කන්ගෙන් සැරසූ මෙම පඩිපෙළ නියමිත වෙලාවට හැකි ඉක්මනින් සරසනු ලබයි. මෙය සැරසීමට ප්‍රමාද වුවහොත් නිවසේ ගැහැණු ළමයා විවාහ වීමට ප්‍රමාද වනවා යි කියනු ලබයි .


තන්ගොනො සෙක්කු (පිරිමි ළමුන්ගේ දිනය ) 

මෙම ජපන් උත්සවය ළමුන ්ගේ දිනය ලෙසද හඳුන්වනු ලබයි . විශේෂයෙන්ම පිරිමි ළමුන් සඳහා මෙම උත්සවය පවත්වනු ලබයි . මෙය පවත්වනු ලබන ්නේ මැයි මාසයේ 5 වෙනි දිනය . මෙහිදී ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් සඳහා පවත්වන දිනයක් වුවද තන්ගොනො  සෙක්කු කියනු ලබන්නේ පිරිමි ළමුන්ගේ වර්ධනය එසේත් නැතිනම් ඔවුන්ගේ ශරීර සෞක්‍ය යහපත් වීම සඳහා පවත්වනු ලබන දිනය වේ.

එදිනට "කොයි නොබොරි" නම් සරුංගල් සාදා ලෙළදීමට සැලැස්වීමත් , පිරිමි ළමුන් සිටින නිවෙස් වල සමුරායි බෝනික්කන්ගෙන් සරසීමත් සිදු කරනු ලබයි .

ඔබොන් උත්සවය 

මෙම උත්සවය ජපන් ජාතිකයින් පවත්වනු ලබන ්නේ අගෝස්තු මාසයේ 15 වෙනිදාය. මෙය බෞද්ධාගමික උත්සවයක් ලෙස සලකනු ලබයි. තම නිවෙස්වල මියගිය මුතුන් මිත්තන් හමුවී, ජීවිතයේ සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලබයි.
ඔබොන් උත්සවයේදී තම උපන් ගමට යන පිරිස කනත්තට යාමද සිදු කරනු ලබයි . එසේම  කනත්තේ ඇති සොහොන් මල් වලින් සරසනු ලබන අතර මියගිය මුතුන් මිත්තන්ට ගෞරව කරමින් ඔවුන් සිහි කරනු ලබයි. එසේම ගිම්හාන ඍතුව නිසා සෑම පළාතකම "යුකත" නම්වූ ඇඳුම් විශේෂය ඇඳ , උස අට්ටාලයක් සාදා, රවුම් කැරකෙමින් "බොන් ඔදොරි" නම් නැටුම් විශේෂය සිදු කරනු දැකිය 
හැකිය.

753 ( ශිචිගොසන් ) 

මෙම උත්සවය නොවැම්බර් මාසයේ 15 වන දින පවත්වනු ලබයි. අවුරුදු 3ක් , අවුරුදු 7ක් පමණ වන ගැහැණු ළමුන් සඳහා මෙන ්ම අවුරුදු 3ක්, අවුරුදු 5ක් පමණ වයස පිරිමි ළමුන්ව තම දෙමාපියන් විසින් දේවාලවල වැඳුම් පිදුම් කටයුතු සඳහා රැගෙන යාම සිදු කරනු ලබයි. 
එහිදී , දේවාලයේ වතාවන් සිදු කරන්නාවූ පුජකයා ලවා ශරීර සෞක්‍ය යහපත් වීම සඳහා වතාවන් කරවගනු ලබයී. මෙම උත්සවය පවත්වනු ලබන්නේ ආගමික සම්බන ්දයක් නොමැති අතර ආගමික වතාවන් සඳහා පූජනිය ස්ථානයට යාම එම දිනයේදී සාමාන්යෙන් සිදු කරනු ලබන ක්‍රියාවකි .


බෝනෙන්නකයි සාද 

දෙසැම්බර් යනුවෙන් හඳුන ්වනු ලබන ්නේ ජපානයේ කාර්ය බහුලම මාසයයි. මෙලෙස කාර්ය බහුල වන්නේ, නත්තල් සඳහා සාප්පු යාම වැනි හේතු මත නොවන අතර සාද පැවැත්වීම මෙයට හේතුව වනවා. එ අතරින් බෝනෙන්නකයි වසරේ ඉතාමත් වැදගත් සාද වන අතර මෙමඟින් අදහස් වන්නේ, පසුගිය වසරේ කරදර අමතක කොට සාර්ථක වසරක් බලාපොරොත්තු වන ලෙසයි. මෙය ව්‍යාපාර ආයතනවල සේවකයන් අතර හමුවක් ලෙස බහුලව පැවැත්වෙනවා. අවම වශයෙන් ජපානයේ එක් සමාගමක් එක් බෝනෙන්නකයි සාදයක් වත් පවත්වනු ලබනවා. මෙම සාද කතා පැවැත්වීම් කිහිපයකින් යුක්ත වන අතර, ක්‍රීඩාවන් මෙහි පොදුවේ දැකගත හැකි දෙයක් වනවා.



තනබතා උත්සවය 

මේ දින වල ජපානයේ දුම්රිය ස්ථාන වල, පන්සල් ආශ්‍රිත මෙන ්ම ප්‍රසිද්ධ ස්ථාන වල සෑම ස්ථානයකම පාහේ උණ ගස් සැරසිලි දක්නට ලැබේ. මෙය ජපන් රටේ ජපන් ජාතිකයින ්ට වැදගත් වන තවත් උත්සවයකි. තනබතා උත්සවය සෑම වසරකම හත්වැනි මස හත්වැනි දිනට (ජුලි 7) යෙදෙන තාරකා උත්සවය නොහොත් තනබතා උත්සවයයි.
ජන විශ්වාසයන්ට අනුව "වේගා" නම් තාරකාව "ඔරහිමේ" යනුවෙන ්ද "ඇල්ටෙයාර්" තාරකාව  "කෙන්ඟු" ලෙසද හැඳින්වේ. මන්දාකිනිය විසින් වෙන්කරනු ලබන ආදරවන්තයින් දෙදෙනකු නියෝජනය කරනු ලබන තරු දෙකට මෙම රාත්‍රියේ දී එකිනෙකට එක්වීමට ඉඩ ලබා දෙන වග පුරාණ කතාවන්ගෙන් කියවේ. හත්වැනි මස හත්වැනි දිනට යෙදෙන මෙම උත්සවයේ දී තමන්ගේ පළමු එළවළු අස්වැන්නෙන් ගවයන්ගේ අනුරූ සාදා දෙවියන්ට පූජා කරති. ජපන් ජාතිකයින් ආහාර ගැනීමට පාවිච්චි කරන හෂි කුරුවල කෑලිවලට කපා වම්බටු, ඉරිඟු කරල් ආදියේ කකුල් වශයෙන් සවිකරගත් ගවයන්ගේ හා අශ්වයින ්ගේ අනුරූ සාදා උණ ගස් යට තබති. හත්වැනි මස හත්වැනිදා ජපන් ජාතිකයෝ උදෙන්ම නැගිට පිනි එකතු කර තාරෝකොළවලින් ඉන්දියන් තීන ්ත  සාදා තමන් බලාපොරොත්තු වන අදහස් හා ආශිර්වාද සිතුවිලි කුඩා කඩදාසි තීරුවල ලියා උණ ගස්වල එල්ලීම කරනු ලබයි. ඔබට ජපානයේදී ජුලි මාසය ආරම්භයත් සමගම දැක ගත හැකි වනුයේ එසේ ලියු කඩදාසි සහ සරසිලියි. 

සැකසුම: නිම්නා වල්පල (nimna1998hansi@gmail.com)


Comments

Popular posts from this blog

ජපානයේ ක්‍රීඩා (Sports in Japan) 日本のスポーツ

ජපන් ජාතිකයන් ක්‍රීඩාවලට ප්‍රිය කරයි. ඔවුන් වසන්ත කාලය මෙන්ම ශීත කාලයේදී විවිධ ක්‍රීඩා කරමින් විනෝද වෙයි. ඊට අමතරව ඔවුන් ක්‍රීඩා බොහෝමයක් ඇතුළත් ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සඳහා දායකත්වයදක්වති. ජපානය තුල මේ දක්වා 4 වරක් ඔලිම්පික් ක්‍රීඩා උත්සව පවත්වා ඇත. එනම්, 1964 දී තෝකියෝ වෙදී පැවැත්වූ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල, 1972දී සප්පොරෝහි, 1998දී නගනෝ වල පැවැත්වූ සිසිර ඔලිම්පික් උළෙල, 2021 දී තොකියෝවේදී පැවැත්වූ ඔලිම්පික් උළෙල   දැක්විය හැක. ජපන් ජාතිකයන් සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙති. වර්තමාන ජපානයේ මුළු  ජනගහනයෙන් 30%ක පිරිසක් සෞඛ්‍ය සම්පන්න  දිවියක් පවත්වා ගැනීම සඳහා දිනපතා ක්‍රීඩාවල යෙදේ. වයස අවුරුදු 60 ඉක්මවූ වයස්ගත  ජනගහනය අතර මෙම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යන අතර එය 40%ටත් වඩා වැඩිය. ජපානයේ  ක්‍රීඩා තරඟ නරඹා සතුටුවන පිරිස් ද බොහෝ වෙති. නරබා රස විදිය හැකි ක්‍රීඩා අතර ජපානයේ ජනප්‍රිය ක්‍රීඩා වන්නේ පාපන්දු, බේස් බෝල්, මැරතන් හා සූමෝ වැනි ක්‍රීඩාය. ජපානයේ පාසල් ළමුන් පාසලෙහි  ක්‍රීඩා සංගම්වලට සහ ඔවුන් ජීවත්වන ප්‍රදේශයේ ක්‍රීඩා සංගම්වලට බැඳී ක්‍රීඩාවන...

ජපානයේ සෘතු Seasons in Japan

ජපානයේ සෘතු ( きせつ )4කින් යුක්ත වේ. එනම්, වසන්ත කාලය Spring  はる ග්‍රීෂ්ම කාලය Summer  なつ සරත් කාලය Fall  あき ශීත කාලය Winter  ふゆ වසන්ත කාලය   はる මෙය මාර්තු සිට මැයි මාසය දක්වා වේ. ගහකොළ මලින් බර වී තරමක් උණුසුමක් සහිත කාලයකි. සකුර මල් පිපෙන සමය මේ සමග උදා වේ. මේ කාලයේ ජනයා  සකුර මල් බලමින්, මල්  වල සුන්දරත්වය විදිමින් はなみ(Hanami) නමැති සාද ගස් යට පවත්වයි. ග්‍රීෂ්ම කාලය  なつ මැයි මස සිට සැප්තැම්බර් මුල් කාලය වන තෙක් පවතී.  වසරේ උණුසුම් සහගතම කාලය වේ. ජුනි සිට  ජුලි දක්වා つゆ (Tsuyu) නම් වැසි කාලය පවතී. まなつ (Manatsu) නමින් හදුන්වන අගෝස්තු මැද භාගය උණුසුම් වුවත් කාලගුණය පැහැදිලි බැවින් ජනය ඇවිදීම, විනෝද චාරිකා යාම , පිහිනීම මෙකල සිදු කරයි. සරත් කාලය あき සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය වේ.  වියලි සහ සිසිල් කාලගුණයක්  පවතී. ඉදහිට වැස්සද පවතී. එසේම තද සුලන් සහ කුණාටු ඇති වන කාලයකි. සහල් සහ පලතුරු වල අස්වනු නෙලන කාලය වන අතර පළාත්බදව උත්සව පවත්වයි. එසේම ගස් වල පත්‍ර වල පාට වෙනස් වීම もみじ (Momiji) සිදුවේ. ශීත කාලය    ふゆ නොව...

Colours

いろ 色   Colours පාට අද අපගේ පාඩම වන්නේ  ජපන් බසින් විවිධ පාට වර්ග වලට අදාළ වචන ඉගනීමයි. あかい (akai) Red  රතු පාට あおい (aoi) Blue   නිල් පාට きいろい (kiiroi) Yellow   කහ පාට しろい (shiroi) White   සුදු පාට くろい (kuroi) Black   කළු පාට みどり (midori) Green  කොළ පාට むらさき (murasaki) Purple   දම් පාට ピンク (pinku) Pink   රෝස පාට オレンジ/だいだいいろ (orenji/daidaiiro) Orange   තැඹිලි පාට はいいろ (haiiro) Grey   අළු පාට ちゃいろ (chairo) Brown   දුඹුරු පාට きんいろ (kiniro) Gold   රත්තරන් පාට ぎんいろ (giniro) Silver   රිදී පාට そらいろ (sorairo) Sky blue   ලා නිල් පාට සැකසුම: නිම්නා වල්පල nimna1998hansi@gmail.com