Skip to main content

ජපානයේ සෘතු Seasons in Japan


ජපානයේ සෘතු (きせつ)4කින් යුක්ත වේ. එනම්,

  1. වසන්ත කාලය Spring  はる
  2. ග්‍රීෂ්ම කාලය Summer  なつ
  3. සරත් කාලය Fall  あき
  4. ශීත කාලය Winter  ふゆ




වසන්ත කාලය はる

මෙය මාර්තු සිට මැයි මාසය දක්වා වේ. ගහකොළ මලින් බර වී තරමක් උණුසුමක් සහිත කාලයකි. සකුර මල් පිපෙන සමය මේ සමග උදා වේ. මේ කාලයේ ජනයා  සකුර මල් බලමින්, මල්  වල සුන්දරත්වය විදිමින් はなみ(Hanami) නමැති සාද ගස් යට පවත්වයි.




ග්‍රීෂ්ම කාලය なつ

මැයි මස සිට සැප්තැම්බර් මුල් කාලය වන තෙක් පවතී.  වසරේ උණුසුම් සහගතම කාලය වේ. ජුනි සිට  ජුලි දක්වා つゆ (Tsuyu) නම් වැසි කාලය පවතී. まなつ (Manatsu) නමින් හදුන්වන අගෝස්තු මැද භාගය උණුසුම් වුවත් කාලගුණය පැහැදිලි බැවින් ජනය ඇවිදීම, විනෝද චාරිකා යාම , පිහිනීම මෙකල සිදු කරයි.




සරත් කාලය あき

සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය වේ.  වියලි සහ සිසිල් කාලගුණයක්  පවතී. ඉදහිට වැස්සද පවතී. එසේම තද සුලන් සහ කුණාටු ඇති වන කාලයකි. සහල් සහ පලතුරු වල අස්වනු නෙලන කාලය වන අතර පළාත්බදව උත්සව පවත්වයි. එසේම ගස් වල පත්‍ර වල පාට වෙනස් වීම もみじ (Momiji) සිදුවේ.




ශීත කාලය  ふゆ

නොවැම්බර් අග සිට පෙබරවාරි දක්වා වේ. සයිබීරියන් සහ මොන්ගෝලියානු ශීත සුළං ජපානය හරහා හමා යයි. තද ශීත කාලගුණයක් දින ගණනාවක් තෝකියෝවේ පවතී. හොක්කයිදොවේ දැඩි ශීතලක් පවතී. සප්පොරෝ වල හිම සහ අයිස් ප්‍රතිමා නැරබීමට මෙකල සංචාරකයන් පැමිණේ.








සැකසුම : නිම්නා වල්පල                                                                                               nimna1998hansi@gmail.com

Comments

Popular posts from this blog

ජපානයේ ක්‍රීඩා (Sports in Japan) 日本のスポーツ

ජපන් ජාතිකයන් ක්‍රීඩාවලට ප්‍රිය කරයි. ඔවුන් වසන්ත කාලය මෙන්ම ශීත කාලයේදී විවිධ ක්‍රීඩා කරමින් විනෝද වෙයි. ඊට අමතරව ඔවුන් ක්‍රීඩා බොහෝමයක් ඇතුළත් ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සඳහා දායකත්වයදක්වති. ජපානය තුල මේ දක්වා 4 වරක් ඔලිම්පික් ක්‍රීඩා උත්සව පවත්වා ඇත. එනම්, 1964 දී තෝකියෝ වෙදී පැවැත්වූ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල, 1972දී සප්පොරෝහි, 1998දී නගනෝ වල පැවැත්වූ සිසිර ඔලිම්පික් උළෙල, 2021 දී තොකියෝවේදී පැවැත්වූ ඔලිම්පික් උළෙල   දැක්විය හැක. ජපන් ජාතිකයන් සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙති. වර්තමාන ජපානයේ මුළු  ජනගහනයෙන් 30%ක පිරිසක් සෞඛ්‍ය සම්පන්න  දිවියක් පවත්වා ගැනීම සඳහා දිනපතා ක්‍රීඩාවල යෙදේ. වයස අවුරුදු 60 ඉක්මවූ වයස්ගත  ජනගහනය අතර මෙම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යන අතර එය 40%ටත් වඩා වැඩිය. ජපානයේ  ක්‍රීඩා තරඟ නරඹා සතුටුවන පිරිස් ද බොහෝ වෙති. නරබා රස විදිය හැකි ක්‍රීඩා අතර ජපානයේ ජනප්‍රිය ක්‍රීඩා වන්නේ පාපන්දු, බේස් බෝල්, මැරතන් හා සූමෝ වැනි ක්‍රීඩාය. ජපානයේ පාසල් ළමුන් පාසලෙහි  ක්‍රීඩා සංගම්වලට සහ ඔවුන් ජීවත්වන ප්‍රදේශයේ ක්‍රීඩා සංගම්වලට බැඳී ක්‍රීඩාවන...

ජපානයේ අවමංගල චාරිත්‍ර වාරිත්‍ර (Japanese Funeral Etiquette)

  Japanese Funeral Etiquette ජපානයේ අවමංගල චාරිත්‍ර වාරිත්‍ර おつや  ‐ Wake Ceremony මෙම උත්සවය බටහිර රටවල් වල පිබිදීමේ උත්සවයට සමාන වන අතර මෙහිදී පවුලේ සියලු දෙනාම ඥාතීන් සහ ලගම හිත මිතුරන් එකතු වී අවසන් ගෞරව දැක්වීම සිද්ධ කරයි . මෙම උත්සවයේදී වියෝ වූ අයගේ සියලුම දෙනා එක්වී ම දේහය තිබෙන ස්ථානයේ යම් කාලයක් ගත කිරීම සිදුකරයි. බොහෝ විට, බෞද්ධ පූජකයෙකු විසින් සූත්‍රය නම් වූ දේ සජ්ඣායනා කරන අතර, පවුලේ ඥාතීන් සහ ඥාතීන් මියගිය පුද්ගලයාගේ දේහය ඉදිරිපිට සුවඳ දුම් බඳුනකට සුවඳ දුම් පූජා කරනු ඇත. “ පිබිදීම” ජපන් භාෂාවෙන් お通夜 (otsuya) ලෙස හඳුන්වන අතර එය " එක රැයකින් " ලෙසද පරිවර්තනය කළ හැක . මුලදී, එක රැයකින් Otsuya පවත්වනු ලබන්නේ ශෝකවන්නන් එක් අවසාන රාත්‍රියක් එකට මිය ගිය අය සමඟ සිටිය නමුත් වර්තමානයේ එය පවතින්නේ පැය කිහිපයක් පමණි. Otsuya අතරතුර, වැලපෙන්නන් මියගිය පුද්ගලයාට සුවඳ දුම් Senkou ( せんこう ) සහ මල් පූජා කරන අතර, බෞද්ධ සිරිත් විරිත්වලට අනුව සාමාන්‍යයෙන් මියගිය අය සමඟ ගන්නා   අවසන් ආහාර ලෙස   නිර්මාංශ ආහාර   සහ මත්පැන් ...