どうし- VERBS
ක්‍රියාපද
ජපන් භාෂාවේ ක්‍රියාපද කාණ්ඩ 3කට බෙදේ.
- · පළමු කාණ්ඩයේ ක්‍රියාපද
- · දෙවන කාණ්ඩයේ ක්‍රියා පද
- · තුන්වන කාණ්ඩයේ ක්‍රියාපද
First Group Verbs -
පළමු
කාණ්ඩයේ ක්‍රියාපද
Ku, mu,
nu, bu, ru, u, tsu, su, gu
අක්ෂර වලින් අවසන් වන ක්‍රියාපද පළමු කාණ්ඩයට
අයත් වේ. මෙම ශබ්දකෝෂ ස්වරුපයෙන්(Dictionary Form – DF) පවතින
ක්‍රියාපද “මසු” (masu) ස්වරුපයට හරවන්නේ කෙසේද යන්න විමසා බලමු.
පළමු ක්‍රමය:
- Kaku + imasu –
kakimasu ලියනවා
- Yomu + imasu – yomimasu කියවනවා
- Shinu + imasu – shinimasu මැරෙනවා
- Asobu + imasu – asobimasu සෙල්ලම් කරනවා
- Owaru + imasu – owarimasu අවසන් වෙනවා
- Kau + imasu – kaimasu මිලදී ගන්නවා
- Tatsu + chimasu – tachimasu නැගිටිනවා
- Hanasu + shimasu – hanashimasu කතා කරනවා
- Oyogu + imasu – oyogimasu පීනනවා
මෙහි ත්සූ(tsu) සහ සු(su) අක්ෂරය මුළුමනින්ම ඉවත් කර එයට ちます(chimasu) සහ します
(shimasu) එකතු කරනු ලබයි.
දෙවන ක්‍රමය:
1.
පහත වචන වල නිල් පැහැයෙන් දක්වා ඇති අවසන්
අකුරු සියල්ලම හිරාගන හෝඩියේ 3 වන පේලියේ ඇති අකුරු වන බව ඔබට හොදින් පෙනේ.
2.
එම තුන්
වන පේලියට අයිති අකුරු අයින් කර ඒ වෙනුවට දෙවන පේළියේ ඇති රෝස පැහැ අකුරු වචන අගට එක් කල යුතුය.
3.
ඉන්පසුව එම කොටසේ අගට masu (ます)එක් කළ යුතුය.
- かく
- かく(き) - かき+ます – かきます
- よむ – よむ (み) - よみ+ます – よみます
- しぬ - しぬ(に) -
しに+ます – しにます
- あそぶ – あそぶ(び) - あそび+ます - あそびます
- おわる – おわる(り) - おわり+ます - おわります
- かう – かう(い) - かい+ます - かいます
- たつ – たつ(ち) - たち+ます – たちます
- はなす – はなす(し) - はなし+ます - はなします
- およぐ – およぐ(ぎ) - およぎ+ます – およぎます
Second Group Verbs - දෙවන
කාණ්ඩයේ ක්‍රියා පද
Ru අක්ෂරයෙන් අවසන් වන ක්‍රියාපද දෙවන කාණ්ඩයට අයත්වේ. ます(Masu) ස්වරුපය සැදීමේදී ru අක්ෂරය ඉවත් කර ますකොටස එකතු කල යුතුය.
- Taberu + masu – たべます (tabemasu)කනවා
- Miru + masu – みます (mimasu) බලනවා
- Neru + masu – ねます (nemasu)නිදාගන්නවා
- Oboeru + masu – おぼえます (oboemasu)මතක තබා ගන්නවා
- Abiru + masu – あびます (abimasu)නානවා
- Kariru + masu – かります (karimasu)ණයට ගන්නවා
Third Group Verbs - තුන්වන
කාණ්ඩයේ ක්‍රියාපද
මෙයට අයත් වන්නේ ක්‍රියා පද
දෙකක් පමණි . මෙහි සදා ගැනීමේ ක්‍රමයක් නොමැති අතර මෙය මතකයේ තබා ගත යුතුය.
- する Suru – します (shimasu)කරනවා
- くる Kuru – きます (kimasu)එනවා
First Group Verbs - පළමු කාණ්ඩයේ ක්‍රියාපද
“මසු”
(masu) ස්වරුපයේ
ක්‍රියාපදයක් ශබ්දකෝෂ (Dictionary Form-DF) ස්වරුපයට හැරවීමේදී、
1. පළමුව ますකොටස ඉවත් කරන්න.
2. ඉතිරි කොටසේ අවසානයට ඇති අක්ෂරය
හිරගනා හෝඩියේ දෙවැනි තීරුවේ රෝස පැහැ අක්ෂර බව ඔබට හොදින් පෙනේ.
3. ඉන්පසු එම අවසාන අක්ෂරය වෙනුවට
තුන් වන තීරුවේ ඇති නිල් පැහැ අක්ෂර එකතු කරන්න.
かきます - かきます - かき +く - かく
よみます - よみます - よみ + む - よむ
しにます - しにます - しに + ぬ - しぬ
あそびます - あそびます- あそび+ぶ - あそぶ
おわあります - おわります-おわり+る - おわる
Second Group Verbs - දෙවන කාණ්ඩයේ ක්‍රියා පද
“මසු”
(masu)
ස්වරුපයේ
ක්‍රියාපදයක් ශබ්දකෝෂ (Dictionary Form-DF) ස්වරුපයට හැරවීමේදී、
1.
පළමුව
ますකොටස ඉවත් කරන්න.
2.
ඉන්පසුව
අගට る(ru) අක්ෂරය එකතු කරන්න.
たべます - たべます - たべ+る - たべる
ねます - ねます - ね+る - ねる
තුන්වන කාණ්ඩයේ ක්‍රියාපද ශබ්ද කෝෂ ස්වරූපයට හැරවීමට ක්‍රමයක් නොමැති
බැවින් එය මතක තබා ගතයුතුයි.
සැකසුම: නිම්නා වල්පල | |
Comments
Post a Comment