Skip to main content

VERBS - どうし

 

どうし- VERBS

ක්‍රියාපද

ජපන් භාෂාවේ ක්‍රියාපද කාණ්ඩ 3කට බෙදේ.

  • ·         පළමු කාණ්ඩයේ ක්‍රියාපද
  • ·         දෙවන කාණ්ඩයේ ක්‍රියා පද
  • ·         තුන්වන කාණ්ඩයේ ක්‍රියාපද

First Group Verbs - පළමු කාණ්ඩයේ ක්‍රියාපද

Ku, mu, nu, bu, ru, u, tsu, su, gu අක්ෂර වලින් අවසන් වන ක්‍රියාපද පළමු කාණ්ඩයට අයත් වේ. මෙම ශබ්දකෝෂ ස්වරුපයෙන්Dictionary Form – DF  පවතින ක්‍රියාපද මසු (masu) ස්වරුපයට හරවන්නේ කෙසේද යන්න විමසා බලමු.

පළමු ක්‍රමය:

  • Kaku + imasu – kakimasu ලියනවා
  • Yomu + imasu – yomimasu කියවනවා
  • Shinu + imasu – shinimasu මැරෙනවා
  • Asobu + imasu – asobimasu සෙල්ලම් කරනවා
  • Owaru + imasu – owarimasu අවසන් වෙනවා
  • Kau + imasu – kaimasu මිලදී ගන්නවා
  • Tatsu + chimasu – tachimasu නැගිටිනවා
  • Hanasu + shimasu – hanashimasu කතා කරනවා
  • Oyogu + imasu – oyogimasu පීනනවා

මෙහි ත්සූ(tsu) සහ සු(su) අක්ෂරය මුළුමනින්ම ඉවත් කර එයට ちます(chimasu) සහ します (shimasu) එකතු කරනු ලබයි.

දෙවන ක්‍රමය:

1.       පහත වචන වල නිල් පැහැයෙන් දක්වා ඇති අවසන් අකුරු සියල්ලම හිරාගන හෝඩියේ 3 වන පේලියේ ඇති අකුරු වන බව ඔබට හොදින් පෙනේ.

2.      
එම තුන් වන පේලියට අයිති අකුරු අයින් කර ඒ වෙනුවට දෙවන පේළියේ ඇති රෝස පැහැ අකුරු වචන අගට එක් කල යුතුය.

3.       ඉන්පසුව එම කොටසේ අගට masu (ます)එක් කළ යුතුය.

                                                                                                                        

  • -  く(き) - ます かきます
  •   よ (み) -  +ます よみます
  •  -    ぬ(に) - +ます  しにます
  • あそ   あそぶ(び)  - あそ+ます -  あそびます
  • おわ   おわる(り)  - おわ+ます -  おわります
  •   う(い)  - か+ます -  かいます
  •   つ(ち)  - た+ます  たちます
  • はな   はなす(し)   - はな+ます  - はなします
  • およ   およぐ(ぎ)  - およ+ます  およぎます

 

Second Group Verbs - දෙවන කාණ්ඩයේ ක්‍රියා පද

Ru අක්ෂරයෙන් අවසන් වන ක්‍රියාපද දෙවන කාණ්ඩයට අයත්වේ. ます(Masu ස්වරුපය සැදීමේදී ru අක්ෂරය ඉවත් කර ますකොටස එකතු කල යුතුය.


  • Taberu + masu – たべます (tabemasuකනවා
  • Miru + masu – みます (mimasu) බලනවා
  • Neru + masu – ねます (nemasuනිදාගන්නවා
  • Oboeru + masu – おぼえます (oboemasuමතක තබා ගන්නවා
  • Abiru + masu – あびます (abimasuනානවා
  • Kariru + masu – かります (karimasuණයට ගන්නවා

 

Third Group Verbs - තුන්වන කාණ්ඩයේ ක්‍රියාපද

මෙයට අයත් වන්නේ ක්‍රියා පද දෙකක් පමණි . මෙහි සදා ගැනීමේ ක්‍රමයක් නොමැති අතර මෙය මතකයේ තබා ගත යුතුය.

  • する Suru – します (shimasuකරනවා
  • くる Kuru – きます (kimasuඑනවා

First Group Verbs - පළමු කාණ්ඩයේ ක්‍රියාපද

මසු” (masu) ස්වරුපයේ ක්‍රියාපදයක් ශබ්දකෝෂ (Dictionary Form-DF) ස්වරුපයට හැරවීමේදී

1.     පළමුව ますකොටස ඉවත් කරන්න.

2.    ඉතිරි කොටසේ අවසානයට ඇති අක්ෂරය හිරගනා හෝඩියේ දෙවැනි තීරුවේ රෝස පැහැ අක්ෂර බව ඔබට හොදින් පෙනේ.

3.    ඉන්පසු එම අවසාන අක්ෂරය වෙනුවට තුන් වන තීරුවේ ඇති නිල් පැහැ අක්ෂර එකතු කරන්න


 


かきます - かきます - か + - かく

よみます  - よみます - よ +  - よむ

しにます - しにます - し +  - しぬ

あそびます - あそびます- あそぶ - あそぶ

おわあります - おわります-おわ - おわる

 

Second Group Verbs - දෙවන කාණ්ඩයේ ක්‍රියා පද

මසු” (masu) ස්වරුපයේ ක්‍රියාපදයක් ශබ්දකෝෂ (Dictionary Form-DF) ස්වරුපයට හැරවීමේදී

1.             පළමුව ますකොටස ඉවත් කරන්න.

2.            ඉන්පසුව අගට (ru) අක්ෂරය එකතු කරන්න.

たべます -  たべます - たべ+ - たべる

ねます -  ねます - ね+ - ねる


තුන්වන කාණ්ඩයේ ක්‍රියාපද ශබ්ද කෝෂ ස්වරූපයට හැරවීමට ක්‍රමයක් නොමැති බැවින් එය මතක තබා ගතයුතුයි.

සැකසුම: නිම්නා වල්පල

 

Comments

Popular posts from this blog

ජපානයේ සෘතු Seasons in Japan

ජපානයේ සෘතු ( きせつ )4කින් යුක්ත වේ. එනම්, වසන්ත කාලය Spring  はる ග්‍රීෂ්ම කාලය Summer  なつ සරත් කාලය Fall  あき ශීත කාලය Winter  ふゆ වසන්ත කාලය   はる මෙය මාර්තු සිට මැයි මාසය දක්වා වේ. ගහකොළ මලින් බර වී තරමක් උණුසුමක් සහිත කාලයකි. සකුර මල් පිපෙන සමය මේ සමග උදා වේ. මේ කාලයේ ජනයා  සකුර මල් බලමින්, මල්  වල සුන්දරත්වය විදිමින් はなみ(Hanami) නමැති සාද ගස් යට පවත්වයි. ග්‍රීෂ්ම කාලය  なつ මැයි මස සිට සැප්තැම්බර් මුල් කාලය වන තෙක් පවතී.  වසරේ උණුසුම් සහගතම කාලය වේ. ජුනි සිට  ජුලි දක්වා つゆ (Tsuyu) නම් වැසි කාලය පවතී. まなつ (Manatsu) නමින් හදුන්වන අගෝස්තු මැද භාගය උණුසුම් වුවත් කාලගුණය පැහැදිලි බැවින් ජනය ඇවිදීම, විනෝද චාරිකා යාම , පිහිනීම මෙකල සිදු කරයි. සරත් කාලය あき සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය වේ.  වියලි සහ සිසිල් කාලගුණයක්  පවතී. ඉදහිට වැස්සද පවතී. එසේම තද සුලන් සහ කුණාටු ඇති වන කාලයකි. සහල් සහ පලතුරු වල අස්වනු නෙලන කාලය වන අතර පළාත්බදව උත්සව පවත්වයි. එසේම ගස් වල පත්‍ර වල පාට වෙනස් වීම もみじ (Momiji) සිදුවේ. ශීත කාලය    ふゆ නොව...

ජපානයේ ක්‍රීඩා (Sports in Japan) 日本のスポーツ

ජපන් ජාතිකයන් ක්‍රීඩාවලට ප්‍රිය කරයි. ඔවුන් වසන්ත කාලය මෙන්ම ශීත කාලයේදී විවිධ ක්‍රීඩා කරමින් විනෝද වෙයි. ඊට අමතරව ඔවුන් ක්‍රීඩා බොහෝමයක් ඇතුළත් ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සඳහා දායකත්වයදක්වති. ජපානය තුල මේ දක්වා 4 වරක් ඔලිම්පික් ක්‍රීඩා උත්සව පවත්වා ඇත. එනම්, 1964 දී තෝකියෝ වෙදී පැවැත්වූ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල, 1972දී සප්පොරෝහි, 1998දී නගනෝ වල පැවැත්වූ සිසිර ඔලිම්පික් උළෙල, 2021 දී තොකියෝවේදී පැවැත්වූ ඔලිම්පික් උළෙල   දැක්විය හැක. ජපන් ජාතිකයන් සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙති. වර්තමාන ජපානයේ මුළු  ජනගහනයෙන් 30%ක පිරිසක් සෞඛ්‍ය සම්පන්න  දිවියක් පවත්වා ගැනීම සඳහා දිනපතා ක්‍රීඩාවල යෙදේ. වයස අවුරුදු 60 ඉක්මවූ වයස්ගත  ජනගහනය අතර මෙම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යන අතර එය 40%ටත් වඩා වැඩිය. ජපානයේ  ක්‍රීඩා තරඟ නරඹා සතුටුවන පිරිස් ද බොහෝ වෙති. නරබා රස විදිය හැකි ක්‍රීඩා අතර ජපානයේ ජනප්‍රිය ක්‍රීඩා වන්නේ පාපන්දු, බේස් බෝල්, මැරතන් හා සූමෝ වැනි ක්‍රීඩාය. ජපානයේ පාසල් ළමුන් පාසලෙහි  ක්‍රීඩා සංගම්වලට සහ ඔවුන් ජීවත්වන ප්‍රදේශයේ ක්‍රීඩා සංගම්වලට බැඳී ක්‍රීඩාවන...

Subjects in Japanese - かもく

すうがく   ගණිතය  えいご   ඉංග්‍රීසි භාෂාව  シンハラご   සිංහල භාෂාව  タミルご    දෙමළ භාෂාව  にほんご    ජපන් භාෂාව  フランスご   ප්‍රංශ භාෂාව  びじゅつ   කලාව  おんがく   සංගීතය  りか    විද්‍යාව  しゃかい    සමාජ අධ්‍යයනය たいいく   ශාරීරික අධ්‍යාපනය  れきし   ඉතිහාසය しんりがく   මනෝවිද්‍යාව විද්‍යාව  いがく   වෛද්‍ය විද්‍යාව  ぶつり     භෞතික විද්‍යාව   かがく  රසායන විද්‍යාව けいざいがく   ආර්ථික විද්‍යාව にほんし   ජපන් ඉතිහාසය  せいぶつがく   ජීව විද්‍යාව  ちりがく  භූ විද්‍යාව  てつがく  දර්ශනය けいえいがく Business administration  ほうがく Law නීතිය  かいけいがく Accountancy げんごがく භාෂා අධ්‍යනය  ぶんがくසාහිත්‍ය  じょうほうこうがく තොරතුරු තාක්ෂනය  しゃかいがく සමාජ විද්‍යාව ドイツご   ජර්මන් භාෂාව   せいじがく   දේශපාලන විද්‍යාව とうけいがく   සංඛ්‍යානය て...