- あかい (Akai) රතු පාට
- あおい (Aoi) නිල්පාට
- きいろい (Kiiroi) කහ පාට
- しろい (Shiroi) සුදු පාට
- くろい (Kuroi) කළු පාට
- みどり (Midori) කොල පාට
- ちゃいろ (Chairo) දුබුරු පාට
- むらさき (Murasaki) දම්පාට
- ピンク (Pinku) රෝස පාට
- オレンジ (Orenji) තැබිලි පාට
- きんいろ (Kin iro) රත්තරන්පාට
- ぎんいろ (Gin iro) රිදි පාට
- はいいろ (Hairo) අළු පාට
ජපානයේ සෘතු ( きせつ )4කින් යුක්ත වේ. එනම්, වසන්ත කාලය Spring はる ග්‍රීෂ්ම කාලය Summer なつ සරත් කාලය Fall あき ශීත කාලය Winter ふゆ වසන්ත කාලය はる මෙය මාර්තු සිට මැයි මාසය දක්වා වේ. ගහකොළ මලින් බර වී තරමක් උණුසුමක් සහිත කාලයකි. සකුර මල් පිපෙන සමය මේ සමග උදා වේ. මේ කාලයේ ජනයා සකුර මල් බලමින්, මල් වල සුන්දරත්වය විදිමින් はなみ(Hanami) නමැති සාද ගස් යට පවත්වයි. ග්‍රීෂ්ම කාලය なつ මැයි මස සිට සැප්තැම්බර් මුල් කාලය වන තෙක් පවතී. වසරේ උණුසුම් සහගතම කාලය වේ. ජුනි සිට ජුලි දක්වා つゆ (Tsuyu) නම් වැසි කාලය පවතී. まなつ (Manatsu) නමින් හදුන්වන අගෝස්තු මැද භාගය උණුසුම් වුවත් කාලගුණය පැහැදිලි බැවින් ජනය ඇවිදීම, විනෝද චාරිකා යාම , පිහිනීම මෙකල සිදු කරයි. සරත් කාලය あき සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය වේ. වියලි සහ සිසිල් කාලගුණයක් පවතී. ඉදහිට වැස්සද පවතී. එසේම තද සුලන් සහ කුණාටු ඇති වන කාලයකි. සහල් සහ පලතුරු වල අස්වනු නෙලන කාලය වන අතර පළාත්බදව උත්සව පවත්වයි. එසේම ගස් වල පත්‍ර වල පාට වෙනස් වීම もみじ (Momiji) සිදුවේ. ශීත කාලය ふゆ නොව...


Comments
Post a Comment